thushara-sanjeewa-kurunegala-step-down

2023 වසර සඳහා කුරුණෑගල මහ නගර සභාවේ අයවැය වාර්තාව පසුගියදා පරාජයට පත්වූ අතර එම අවස්ථාවේ පොහොට්ටුව නියෝජනය කරමින් සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ උපායශීලි ලෙස එය සම්මත කරගෙන නගරසභාව විසුරුවාහැරීමන් බේරාගත්තේය.
ඔහු කළ ක්‍රියාව මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමක් වීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.
ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 තුෂාර සංජීව විතාරණ  2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කර ඇති බව හා වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බව ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.