
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන තරඟය තියුණු තරඟයක් අවසානයේ ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමින් 1-1ක් ලෙස තරඟාවලිය සම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එමෙන්ම පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් නොදැවී පන්දු 22ක් පුරා දියත් වූ දසුන් ශානකගේ විශිෂ්ට ඉනිම ලකුණු 56කින් වර්ණවත් වූ අතර දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් විය. ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 254.55ක් ලෙසයි.
ඊට අමතරව තරඟයේ තීරණාත්මක අවසන් පන්දුවාරයද යැවීමේ බර කරට ගත් දසුන් අවසන් පන්දුවාරයේ ඉන්දියාව ලබාගත යුතුව තිබු ලකුණු 21න් ලබා දුන්නෙ ලකුණු 4ක් පමණි. ඉන් නොනැවතී කඩුලු දෙකක්ද ඔහු බිඳ හෙලුවේය.
මේ විශිෂ්ට දස්කම් හේතුවෙන් දසුන් ශානක හට තරඟයේ වීරයා සම්මානය හිමිවිය.

Comments
Post a Comment
Your comment will be visible after approval