
ප්‍රවීන රංග ශිල්පි බුද්ධි වික්‍රම (බුද්ධිසේන දයාරත්න වික්‍රම) මහතා බ්‍රහස්පතින්දා (5) සවස අභාවප්‍රාප්ත විය. මියයන විට 84 වන වියේ පසුවිය.
අඹ යහළුවෝ, දූ දරුවෝ, කුමාරි හාමි, හිරුට මුවාවෙන් , පළිඟු මැණිකේ, පිටගම්කාරයෝ, පුංචි හපන්නු, තාරාදේවි, සොදුරු සිතැත්තී සහ සුසීමා ඇතුළු මුල්කාලීන ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රකට චරිත රඟදැක්වූ නළුවෙකි.
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකාව චිත්‍රපට හා ටෙලිනාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට ලක්වූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
බුද්ධි වික්‍රම රංගනයෙන් දායකවූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව 20කට ආසන්නය.
ජී.ඩී.එල්. පෙරේරා 1965 දී නිෂ්පාදනය කළ සාමා චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි බුද්ධි වික්‍රම මහතා ඉන්පසු සැඩොල් කඳුලු, වැලිකතර, හාර ලක්ෂය, තරංගා, අම්මේ ඔබ නිසා, වන බඹරු, අන්තිම රැය සහ රාජ්‍ය සේවය පිණිසයි ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය දුන්නේය.ඒ මහතා එක්දරු පියෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval