
විදේශීය පරිත්‍යාගශීලීන් තමාව අන් අයට වඩා විශ්වාස කරන බවත් විදේශ ආධාර ගෙන ඒමේදී ජනාධිපතිවරයා අසාර්ථක බව ඔප්පු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (8) ප්‍රකාශ කළේය.
නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදේශීය පරිත්‍යාගශීලීන්ට හොඳින් කථාකර ප්‍රශ්න ඒත්තු ගැන්වීමේ හැකියාව තුළින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට තමන් සමත් වූ බවයි.
“සමහරු කියනවා මම පාවිච්චි කරන ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැහැ කියලා. විදේශීය පරිත්‍යාගශීලීන් ඒත්තු ගැන්වීම සඳහා මම ඇතැම් ගැඹුරු වචන භාවිතා කරනවා. පරිත්‍යාගශීලීන්ව ඒත්තු ගැන්වීමේ හැකියාව නිසා මට “සක්වල” වැඩසටහන පවත්වන්න පුළුවන් වෙලා තියෙනවා. විදේශීය පරිත්‍යාගශීලීන් ඒත්තු ගැන්වීමේ කුසලතා යොදාගෙන ශ්‍රී ලංකාවේ පළමු කැපකරු මාපිය යෝජනා ක්‍රමය දියත් කිරීමට මට හැකි වන බව විශ්වාසයි. සියලුම ජාතික පාසල්වල මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී පාසල් යන සෑම ළමයෙකුටම පරිගණකයක් හිමිවනු ඇති“ යයිද ප්‍රේමදාස මහතා පැවසීය.
“එබැවින් විදේශ ආධාර ලබා ගැනීමට සුදුසුම පුද්ගලයා කවුරුන්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි. හැමෝම හිතුවේ වත්මන් ජනාධිපතිතුමා රටට විදේශ ආධාර ගේනවා කියලා නමුත් ඔහු අසාර්ථක බව ඔප්පු වෙලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval