
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන, ජෙස්වෙල් පෙදෙස හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ටී 56 ගිනි අවියකින් සෙසු පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තැබීමට තැත් කළ බවට ඊයේ (8) වාර්තා විය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
පොලිසිය පැවසුවේ මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියා තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ පරණ කොට්ටාව පාරේ ජෙස්වෙල් හන්දියේ මුර සේවයෙහි රාජකාරියේ යෙදී සිට ඇති බවයි.
රාජකාරියේ යෙදී සිටියදී අදාළ පොලිස් නිලධාරියාට නින්ද ගොස් ඇති බවත්, රාජකාරියේ යෙදී සිටියදී කල්පනාකාරී වන ලෙස පොලිස් සැරයන්වරයා ඔහුට තරවටු කර ඇති බවත් වාර්තා විය.
තම ජ්‍යෙෂ්ඨයාගෙන් මෙම තරවටුව ඇසූ පසුව කෝපයට පත් වී සැරයන්වරයා දෙසට ප්‍රහාරක රයිෆලය එල්ල කළ බව කියනු ලබන අතර, කිසියම් හානියක් සිදුවීමට පෙර ඔහුගෙන් ආයුධය උදුරා ගැනීමට අසල සිටි පොලිස් පරීක්ෂකවරයකු සමත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු කනිෂ්ඨ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පොලිස් නිලධාරියකු මෙම විනයවිරෝධී ක්‍රියාව සම්බන්ධ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval