sajith-premadasa-speaks

එළැඹෙන මැතිවරණය අඩපණ කිරිමේ කුමන්ත්‍රණයක් රජය දියත් කරන බව සමඟි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසා සිටියේ රජය භාණ්ඩාගාරයේ ලේකම්වරයා උපයෝගී කර දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් රජයට අරමුදල් නැති බවත්, මැතිවරණයට මුදල් දීමට නොහැකි බවත්, පවසමින් මැතිවරණය කළ් දැමීමේ උත්සහයක යෙදෙන බවයි.



අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

මේ මගඩියේ තවත් එක පියවරක් විදිහට අපිට එක එක කතාබහ ඇහෙනවා. හෙට දින පවත්වන ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ වෙනස් කිරීම සිදු කරලා, සාමාජිකයෝ වෙනස් කරලා, මේ මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට හදනවා කියලා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ සමඟි ජන බල වේගය හපුහින්න මඟඩියට එරෙහිව හා භාණ්ඩාගාර ලේකම්ගේ කුමන්ත්‍රණයට විරුද්ධව ඔවුන් අධිකරණට ගොස් ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමේ වරදට ඔවුන් අධිකරණය හමුවට පමුණුවන්නට ඔවුන් ස්ථිරවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.