
අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ.
ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ කප්පාදුවකින් තොරව විදුලිබල සැපයීම සඳහා ගැටලුකාරී තත්වයක් මතුව තිබූ අතර අද (25) උදෑසන විදුලිබල අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයේ නිලධාරින් වෙත කැඳවා තිබුණේ උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදුව නැවත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සඳහායි.
මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ අද (25) පස්වරු 4 යළි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොමිසම අදාළ පාර්ශවයන් කැඳවීමට තීරණය කළ බව ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් වන තෙක් කප්පාදුවක් නොකිරීමට තීරණය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval