
යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ජනතාවට කෘමීන් ආහාරයට ගැනීමට අවසරය ලබාදීමට යුරෝපියානු කොමිසම පසුගියදා පියවර ගෙන තිබේ. ඒ අනුව නිවෙස්වල සිටින පළඟැටියන් වේලා, කුඩු බවට පත් කර ආහාරයට ගැනීමේ අනුමැතිය මේ හරහා ලැබී තිබේ.
යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව තිබේ.මෙහිදී ධාන්‍යමය ආහාර, විස්කෝතු, පීසා, පැස්ටා පාදක නිෂ්පාදන වෙත මෙම කුඩුකරගත් පළගැටියන් යොදාගත හැකි බව සඳහන්ව තිබේ.
යුරෝපියානු කොමිසමේ නියාමන රීතිවලට අනුව මෙලෙස කුඩු කරගන්නා පළගැටියන් ආසන්න පැය 24ක කාලයක් කුසගින්නේ තැබිය යුතුය. අනතුරුව ඔවුන් අධි ශීතලකට ලක්කළ යුතු අතර, පසුව සෝදා උණුසුම ලබාදී හොඳින් වේලාගත යුතුය. මේ හරහා එම සතුන්ගේ සිරුරේ ඇති තෙල් ඉවත්ව ගිය පසුව ඔවුන් කුඩු බවට පත්කර ගත යුතුය. මෙලෙස පළගැටියන්ට අමතරව Alphitobius diaperinus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිනියන් ආහාරයට ගැනීම සදහා අනුමැතිය ලබාදීමට යුරෝපියානු කොමිසම මෙහිදී පියවර ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval