litro-gas-price-hike

ලිට්‍රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාරිග වාරිතා කරයි.  මේ වසරේ ජනවාරි මාසයේ 5වැනිදා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 201කින් මිල අඩු කළ අතර,

මෙම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට ආසන්න අගයකින් ඉහළ යා හැකි බවත්, ඊට සාපේක්ෂව කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිලද ඉහළ යා හැකි බව එම සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදුවන බවත්, එම මිල ඉහළ දැමීම ලඛන පෙරවාරි මස 05 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ. මේ මස 5වැනිදා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 201 කින් අඩු කළ අතර, ඒ අනුව එහි වර්තමාන මිල සදහන් වන්නේ රුපියල් 4,409 ක් ලෙසය. මෙම නව මිල වැඩිකිරීමත් සමග ලිට්‍රෝ ගෑස් මිල යළිත් පෙර පැවති මිලටත් වඩා ඉහළ අගයක් ගනු ඇත.


 නවෝද්‍යා පවනි