
කුරුණෑගල මහ නගර සභාව මාතෘ හා ළමා සායනය සහ පෙර පාසල වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී ඉදිකිරීම් භූමියේ තිබූ ගලක් ඉවත් කිරීමට රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.ගල ඉවත් කිරීමේ අනුමත ගාස්තුව රුපියල් ලක්ෂ 93ක් බව ද එම වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාවට අනුව ව්‍යාපෘතියේ සමස්ත වියදම ඇස්තමේන්තුව රුපියල් කෝටි 23කි. මෙම ව්‍යාපෘතිය අනුව සැලසුම් කළ ගොඩනැගිල්ල ඉදිකිරීමේ භූමියේ තිබූ ගලක් ඉවත් කිරීමට සිදුවී ඇති අතර, ඒ සඳහා වන අනුමත මිල ගණන් වන්නේ ලක්ෂ 93කි. එසේ තිබිය දී සාවද්‍ය මිල විශ්ලේෂණයක් කර එය කෝටි පනහකින් සිදු කිරීමට තාක්ෂණ නිලධාරී, සහකාර ප්‍රමාණ සමීක්ෂණ නිලධාරී, නාගරික ඉංජිනේරු හා නාගරික කොමසාරිස් අනුමත කිරීමෙන් පසුව ඊට පන්කෝටි අනුඅට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මුදිතා දයානන්ද
Comments
Post a Comment
Your comment will be visible after approval