independence-day-traffic

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (30) හා හෙට (31) නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.



ඒ අනුව අද හා හෙට මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.

නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා (01) සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ය.

රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරේ.

අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.

රථවාහන සැලැස්ම ගැන විස්තර පෙර ලිපිය 
කොළඹ වෙනස්වන රථවාහන මාර්ග සැලැස්ම - පොලිස් නිවේදනය