electricity-bill-president

පසුගිය දිනවල විදුලි ගාස්තු යළි විශාල වශයෙන් ඉහළ දැමීමට කැබිනට් ඇමතිවරයා හා ජනපතිවරයා තීරණය කර ඊට සූදානමින් සිටි නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම තීරණය අසාධාරණ බව දක්වමින් ඒ ගැන විමර්ශනයක් කිරීමට කල් ඉල්ලූ අතර අසාධාරණයක් සිදුවේ නම් නීති මගට යාමට පවා සූදානම් බව දන්වා සිටියේය. කැබිනට් ඇමති හා ජනපති එක් පසෙක සිටිමින් කෙසේ හෝ විදුලි බිල දෙතුන් ගුණයකින් වැඩි කර ජනතාවට පීඩනයක් එල්ල කරන්නට උත්සාහයක නිරතවන බවද දන්වා සිටියේය.


මේ අතර පෙරේදා (19) පෙරවරුවේ කොමිසමේ සාමාජිකයින්ට ජනාධිපතිවරයා කැදවීමක් කර විශේෂ හමුවක් සිදු කර තිබූ නමුත් එම රැස්වීමට සභාපතිවරයාට ආරාධනා කර නොතිබිණි. විදුලි බිල වැඩිකිරීමට විරුද්ධ සභාපති නොමැති රැස්වීමේදී විදුලි බිල වැඩිකිරීමේ තීන්දුවක්ද කොමිසම සමග එක්ව ජනපති ලබාගෙන තිබුණි.
මෙම පක්ෂපාත තීන්දුවෙන් පසු මහජන උපයෝගීතා කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් නීතියේ සහාය පතන බව එහි සභාපති ජනක රත්නායක මහතා ඊයේ (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඒ මහතා සඳහන් කරන්නේ පෙරේදා (19) පෙරවරුවේ කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමෙන් පසු සාමුහිකව තීරණය වෙනස්ව ඇති බවයි.

“ජනාධිපති මාව හමුවෙන්න ඕනේ කිව්වා. එත් මම බලාගෙන හිටියා. හැබැයි වුණේ,

මාව නැතුව කොමිසමේ අනෙක් සාමාජිකයන් හමුවුණා. අපි ගත්තු සාමුහික තීරණය ඊයේ වෙනස් වුණා. එහෙම ඒ හම්බෙලා දැන් කියන කියනවා කැබිනට් යෝජනාව පරිදි ඉක්මණින් මිල වැඩිවීම ක්‍රියාත්මක කරලා ඉදිරි මිල සංශෝධනයේ දී ඒක ගැලපුමක් කරන්න කියලා.

මේක මම නීතියට ඉදිරියට ගිහින් මේකට අවශ්‍ය සහනය ඉල්ලනවා. එහෙම බැරි වුණොත් ක්‍රමවේදයක් නෑ. බලය තියෙන්නේ බහුතර කැමැත්තට. අපි කලින් සාමූහික තීරණයක් ගත්තා කැබිනට් තීරණය ඉවත දාලා විදුලිබල මණ්ඩලයේ මිල සංශෝධනයට යන්න. ජනාධිපති කියලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා මේ සංශෝධනය කරන්න ඕනේ කියලා. මේ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට මම කටයුතු කරනවා.”.