election-gazette

එළඹෙන මාර්තු 09වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ ලේඛනය ගැසට් කිරීම සඳහා ඊයේ (30දා) රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.ඡන්ද විමසීම් පැවැත්වෙන දිනය තීරණය කරනු ලබන්නේ, දිස්ත්‍රික් තේම්භාර නිලධාර්න් විසින් බවත්,

මේ අනුව දිස්ත්‍රික්ක තේම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට යොමුකළ ලේඛන රජයේ මුද්‍රණාලයට යොමුකළ බවත් එම කොමිසම පෙන්වා දෙයි. මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ අපේක්‍ෂක ලැයිස්තුද ගැසට් කිරීම සඳහා යොමුකළ බවත්, මෙවර පැවැත්වෙන ඡන්ද විමසීම් සඳහා අපේක්‍ෂකයන් 80,000ක් ඉදිරිපත් වී සිටින බවත් සඳහන් කරයි.



මේ අනුව අපේක්‍ෂකයන් අසූදහසක ප්‍රමාණයකගේ නම් භාෂා තුනෙන්ම මුද්‍රණය කළ යුතු බවත්, පළාත් දිස්ත්‍රික්ක තේම් භාර නිලධාරීර්න් විසින් මාර්තු 09වැනිදා ඡන්ද විමසීම් පැවැත්වෙන බවට අපේක්‍ෂකයන්ට හා පක්‍ෂ නියෝජිතයන්ට නාමයෝජනා භාර ගැනීමෙන් පසු දැනුම්දී තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි. මේ පිළිබඳ 'අද' රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඒ මහත්මිය සඳහන් කළේ, ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයට අදාළ තොරතුරු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවත්, මීට අදාළ ගැසට් නිවේදනය දින දෙකක් තුළ ප්‍රකාශයට පත් කිර්මට හැකියාව ලැබෙන බවත්ය.  අපේක්‍ෂක ලැයිස්තු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබෙමින් තිබෙන බවත්, මීට අදාළ කටයුතු අවසන් කර ගැසට් පත්‍රයේ සඳහන් කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත විය හැකි බවත් ඒ මහත්මිය පවසා සිටියාය.

 ඉන්දික හේවාවිතාරණ