
ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් මහ පාරේ ක්‍රිකට් ගසමින් සිටියදී ක්‍රිකට් බෝලයක් යාබද වත්තකට යාම පිළිබඳව ඇති වූ බහින්බස්වීමක් අවසානයේ එම වත්තේ හිමිකරුගේ දාහත් හැවිරිදි පාසල් දරුවෙකුට ඉතා අමානුෂික ලෙස ක්‍රිකට් පිත්තකින් පහරදී තුවාල සිදු කොට ඇති ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙකු පෙරේදා (10දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.
නිට්ටඹුව, වේබඩගල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.සැකකාර ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් වේබඩගල්ල ප්‍රදේශයේ මහා මාර්ගයක ඉකුත් (08දා) පස්වරුවේ ක්‍රිකට් ගසමින් සිටියදී ක්‍රිකට් බෝලයක් යාබද නිවසක් පිහිටි වත්තකට වැටී ඇති බව පොලීසිය කීය. ක්‍රිකට් ගැසීමේ නියැළී සිටි පිරිසක් එම බෝලය ගැනීමට ගිය අවස්ථාවේ නිවෙස් හිමියා සමග බහින්බස් වීමක් හටගෙන ඇති බවත් ඒ අවස්ථාවේ නිවෙස් හිමියාගේ දාහත් හැවිරිදි පාසල් දරුවෙකු නිවසට පැමිණ සිද්ධිය කුමක් දැයි විමසා ඇති බවත් ඒ අවස්ථාවේ එම දරුවාට ඉතා අමානුෂික ලෙස ක්‍රිකට් පිත්තකින් පහර දී ඇති බව ද පොලීසිය කීය.
මේ අනුව එම පහර දීම පිළිබඳව පරීක්ෂණ පවත්වා ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියේය.ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති දරුවා වතුපිටිවල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවද පොලීසිය සදහන් කළේය. පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
- ආනන්ද ඉ ජයකොඩි-
Comments
Post a Comment
Your comment will be visible after approval