bus-accident-nuwara-eliya-thurstan

fourth update 10.00 pm
නුවර එළියේ සංචාරය පිණිස තර්ස්ටන් විද්‍යාලයේ බස් රථ 7 ක් අධ්‍යාපනය චාරිකාවට එක්වූ බවත් අනතුරට ලක්ව ඇත්තේ එක පෙළට ආ බස් වලින් එකක් බවත් පොලිසිය සඳහන් කරයි.


බස් රථය බෑවුමේ වේගයෙන් පැමිණි අවස්ථාවේ වෑන් රථය නවතා තිබූ බවට මේ වනවිට තොරතුරු හෙළිවන අතර නැවතී තිබූ වෑන් රථය හා ඒ අසළ ත්‍රීරෝද රිය දෙකෙහිම වැදී බසය ප්‍රපාතයට වැටී ඇත.
මීටර 30 ක පමණ ප්‍රපාතයට බස් රථය වැටුණද එය පෙරළී නැති අතර ප්‍රපාතයේදීත් බස් රථය සිටුවනම නතරවී ඇත. මේ නිසා පෙරළීමකින් සිද්ධවන්නට ගිය විනාශය නතරවූ බවද පොලිසිය සදහන් කරයි.


අනතුරට ලක්වූ බස් රථයේ සිසුන් 41 ක් ගුරුවරුන් 02 ක් හා දෙමාපියන් 03 ක් ගමන් කරමින් සිටි අතර ඒ අය තුවාල ලද මුත් බරපතල තත්වයේ නැති බව පොලිසිය සදහන් කරයි.
වෑන් රථයේ හා ත්‍රීරෝද රථයේ සිටි අය මියගිය අතර මියගිය අයගෙන් 4 ක් පිරිමි බවත් 3ක් කාන්තාවන් බවත් එකී කාන්තාවන් 3 න් දෙදෙනෙක් ළමුන් බවත් පොලිසිය සදහන් කරයි.
third update 9.30 pm
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ 6 ක් හා ත්‍රීරෝද රථයේ ගමන් කළ එක් අයෙකු වන අතර බස් රථයේ ගිය පාසල් සිසුන් හෝ බස් රථයේ ගිය කිසිවෙකුට ජීවිත හානි නැති බවත් තහවුරු කර තිබේ. කෙසේ වෙතත් තුවාල ලැබූ 41 ක් රෝහල ගත කර තිබේ.
second update 8.30 pm

නුවරඑළිය නානුඔය මාර්ගයේ අද සන්ධ්‍යා කාලයේ සිදුවූ පාසල් අධ්‍යාපන චාරිකා බස් රථ අනතුරින් එම ස්ථානයේදීම මියගොස් හමුවූ මළ සිරුරු ගණන 7 ක් පමණ වන බව දැනට වාර්තාවන අතර එම ගණන තවත් ඉහළ යාහැකි බව වාර්තාවේ.
අනතුර සිදුව ඇත්තේ බස් රථයකට ගමන් කිරීමට අමාරු යයි කියන ගැඹුරු බෑවුමකදීය.


දික් ඔය දෙසට බස් රථය වේගයෙන් යද්දී එක්වරම බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේ තිරිංග වලට පාලනයක් කරගත නොහැකිව තිරිංග නිසි ලෙස ක්‍රියා නොකර ප්‍රපාතය දෙසට බසය පැන්නී ගොස් ඇත්තේ
බෑවුම පහළින් ආ වෑන් රියෙහි හා වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටීමෙනි.



බස් රථය පෙරළි ඇත්තේ මීටර් 200 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට වන අතර කළුවර ස්ථානයේ පුද්ගලයින් 7ක් පමණ එතැනම ජිවිතක්ෂයට පත්ව තිබියදී අසල්වාසීන් සිරුරු ඉවත්කරගෙන ඇති අතර මියගිය අය තවත් සිටිය හැකි බවත් ගණන තවමත් නිශ්චිතව කිව නොහැකි බවත් වාර්තාවේ.


තුවාල ලැබූවන් හා ජීවිතක්ෂයට පත්වූවන් රෝහල්ගත කිරීමේ මෙහෙයුම කඩිනමින් සිදුවෙමින් පවතින අතර නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශනය කරමින් සිටී.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 50 කට වැඩි පමණ පිරිසක් ගමන් කරමින් සිටි බවද පොලිසිය දන්වා ඇත. දැනට රෝහල්ගතව සිටින ප්‍රමාණය 51 කි.පාසල් ළමුන් 41ක් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා කර තිබේ.
---------------
first update 8pm
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් නානු ඔය ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙයි.


අධ්‍යාපන චාරිකාවක් සඳහා ගිය සිසුන් පිරිස සමග නුවරඑළිය රන්දැල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන

ප්‍රපාතයකට පෙරළී තිබෙන්නේ බස් රථය වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසුය. ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරින්
තුවාල ලැබූවන් මේ වනවිට රෝහල් ගත කරමින් සිටින අතර අනතුරු ලක්වූ අය ගැන අවසන් වාර්තා තවම ලැබී නැත.

වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න.