
ගෝඨා ගෝ හෑෂ් ටැගය නිර්මාණය කළේ රාජපක්ෂ පුතකු විසින් බවට දිලිත් කළ ප්‍රකාශය පසුගිය දා පාර්ලිමේන්තු ලොබියේදීද කතා බහ වන මාතෘකාවක් දක්වා දිග්ගැස්සී තිබිණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කතාබහ කරමින් සිටින විට එතැනට නාමල් රාජපක්ෂ පැමිණියේ. ‘‘නාමල් මන්ත්‍රිතුමා මේ ගෝඨා ගෝ හෝම් කියන ටැග් ලයින් එක ඔබතුමා හදපු එකක්ද? රාජපක්ෂ පුතෙක් මේක කළා කියලා දැන් කතාවක් යනවා නේ.’’ මන්ත්‍රිවරයෙක් විමසීය. ‘‘නෑ... නෑ... මේක මගේ කොන්සෙප්ට් එකක් නොවෙයි මේක අර ඩොක්ටර් පැතුම් කරනර්ගේ වැඩක්නේ. ලක්ෂ පහ, දහය රීච් තියෙන පේජස් සල්ලිවලට අරගෙන එයා මේක වෛරල් කළා.
මේකට අවශ්‍ය සල්ලි ආවා කියලා කියන්නේ දෙමළ ඩයස්පොරාවෙන් ’’ නාමල් පැවසීය. ‘‘අනික ගෝඨා බාප්පිව එළවන එකේ මහ මොළකරු වුණේ වෙන කවුරුවත් නෙවෙයි ගෝඨා බාප්පිම තමයි. මොකද ගෝඨා බාප්පිට ඒ කාලේ ලොකු වුවමනාවක් තිබිලා තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති තනතුරින් අයින් කරලා තනිවම දේශපාලන ගමනක් යන්න. අන්තිමේ දී එයාගේ වැඩ එයාටම බැක් ෆයර් වුණා’’ නාමල් වැඩි දුරටත් කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval