
ජාතික ජන බලවේගයේ පැවැත්වූ දේශපාලන රැලියක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා මෙසේ පැවසීය.
'ඡන්දෙ තියන එක නවත්තන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මාර්තු මාසේ ඡන්දේ නමවෙනිදා ඡන්දේ තාමත් කතා වෙනවා නෑ මෙක නවත්තනවා කියලා. ඡන්ද පත්‍රිකාවෙ ලකුණු කරලා තමයි වෛරය, කෝපය, විරෝධය පළ කිරීමට ජනතාව සූදානම් වෙලා ඉන්නේ. ඒක නැවැත්තුවොත් හිතාගන්න බැරි තරමට රට බරපතල තත්වයකට යනවා. මාර්තු නවය ඡන්දේ නතරකරොත් ඊළඟ අරගලය මතුවෙනවා. ඒක දැවැන්ත ජනතා අරගලයක් '
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙවර කතිරෙන් ඡන්දය ලබා දී ජඩ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට මුළු ජනතාවම පෙළඟැසීමට සියළුදෙනා කැපවන වන ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval