baththulu-oya-bauser

ඊයේ (24) අලුයම් කාලයේදී ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් බත්තුළු ඔයට පෙරළී තිබෙයි. ප්‍රදේශවාසින් පැවසූ ආකරයට අලුයම 2.45 පමණ මෙම අනතුර සිදුවී තිබෙයි. රථය ගමන් කරමින් තිබූ පාලමේ පාලම් වැටද හානියට පත්කරමින් රථය ඔයට වැටී තිබේ.  රියැදුරු බවුසරය ඔයට වැටීමෙන් පසු බවුසරය උඩට විත් සිට ඇති අතර ඔහුගේ හිසට සහ අතට තුවාල කිහිපයක් සිදුව ඇත.

පාදයේ යම් සීරීම් කිහිපයක්ද සිදුවී ඇත. රියැදුරුව ගොඩට ගත් ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්ව ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

බත්තුළුඔයේ ආරක්ෂිත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුයට වැටිමේන් පසු ගසා ගෙන ගිය ඉන්ධන බවුසරය
දැවැන්ත දෝඹකරයක් ආධාරයෙන් පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට හැකිවු බව මුන්දලම පොලිසිය
පවසයි.
ගොඩගන්නා අවස්ථාවේ බවුසරය ගසාගෙන ගොස් බත්තුළුඔය දුම්රිය මාර්ගයේ පාලමේ සිරවි නැවති තිබුණි.

මෙම බවුසරය ගොඩ ගැනිමට දැවැන්ත දෝඹකරය ගෙන ඒමට මුන්දලම පොලිසිය කටයුතු කර තිබු අතර
මේ සදහා තවත් විශාල පිරිසකගෙ සහාය පොලිසියට ලැබි තිබුණි.