bandula-speaks

විදුලි බිල වැඩි කිරීමට සිද්ධවෙන හේතුව අමාත්‍ය බන්දුල ගුණවන්ධන මහතා අද කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාක්ච්ඡාවට එක් වෙමින් පැවසීය.



අද පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් බන්දුල ගුණවන්ධන මහතා පවසා සිටියේ ජනවාරි මාසයේදී ගල් අඟුරු තොගයේ විදුලිය උත්පාදනය සඳහා ලබාගන්න බිලියන තිස් අටක් වියදම් කර ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවන්ධන මහතා පවසා සිටින්නේ එසේ කිරීමට කිසිදු මුදලක් නැති නිසාත්, තවදුරටත් ණය සපයන්නෙ නැති නිසාත්, ණය නැති වුණොත් විදුලිය උත්පාදනය කිරීමට බැරි නිසාත්, විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වූවොත් පෙර සේ පැය දහයක් හෝ දොළහක් විදුලිය කැපීමෙන් ජනතාව අන්ත අසරණ තත්වයට පත්වන නිසාත් මෙසේ විදුලි බිල වැඩිකිරීමට සිදුවන  බවත්‍ ය.