
කාන්තාවකට සරම ඉස්සූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (08) අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය සදහන් කරයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව පොලිසිය පවසයි. උඩුමුල්ල හේන, ප්‍රදේශයේ කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පදිංචි නිවෙස ආසන්නයේ ඉඩමක දර කපා ඉවත්කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් අතරතුර මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාවට පරුෂ වචනයෙන් බැන, ඇද සිටි සරම ඉස්සු බවට පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.
කාන්තාවකට අතවර කිරීම යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇතැයි පොලිසිය සඳහන් කරයි.සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. ඉත්තෑපාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සුමිත් පොතුපිටිය
Comments
Post a Comment
Your comment will be visible after approval