tharindi-fernando-speaks

ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දු ඇය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා ගැන ඇත්ත නැත්ත ළඟදී පුවත්පතකට හෙළි කළා. ඇය මෙසේ කියයි.

තරින්දි ඔබ ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධතාවක් තිබුණා කියලා පැතිරෙන කතාව මොකක්ද?

මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා මං ගැන කටකතා රාශියක් පැතිරිලා තියනවා. එක් කටකතාවක් තමයි මම ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධතාවක් පැවැත්වූවා කියලා. තවත් සමහරු කියන කතාවක් තමයි මම නළුවෙක් සමග හොර රහසෙම විවාහවෙලා මේ වෙද්දි එම විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නවා කියලා. මට කියන්න තියෙන්නෙ මේ කතා හැම එකක්ම පට්ටපල් බොරු කියලා. ලිංගික සම්බන්ධතා පවත්වන්න living together ඉන්නවත්, කාටවත් නොකියා හොර රහසේ විවාහ වෙන්නවත් මට අවශ්‍යතාවක් නැහැ. නමුත් මට ප්‍රේම සම්බන්ධතා නම් තිබිලා තියනවා. ජීවිතයේ වුණු විවිධ හැළහැප්පීම් නිසා ඒ ප්‍රේම සම්බන්ධතා බිඳවැටුණු අවස්ථාද මගේ ජීවිතයේ තිබිලා තියනවා.



ගින්නක් නැතුව එහෙම දුමක් නගියිද?

ගිනිගන්නෙ නැතුව එහෙම බොරුවට නගින මීදුම නම් ඕන තරම් තියනවා. මිනිස්සුන්ගෙ ජීවිතවලට අපහාස කරලා සතුටුවෙන්න බලාගෙන ඉන්න අය තමයි මේ විදිහෙ කතා හදන්නෙ.

පසුගිය දවසක ඔබ මුහුණු පොතේ ආදරය සහ නිදහස ගැන ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා. නිදහස නැති නිසා ඔබ ආදරය අත්හැරියද?

මම මුහුණු පොතේ ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා ‘ආදරය නිදහස් කළා, නිදහසට ආදරය කරමි’ කියලා. සමහරු මේ ප්‍රකාශය ගැන වැරදියට හිතලා කතාවක් හදලා තිබුණා නිදහස නැති නිසා මම මගේ පෙම්වතාව අතෑරියා කියලා. ඒක මගේ හිතට ආපු අදහසක් මත ලියපු සටහනක් මිසක මගේ ආදරය අත්හැරීම ගැන ප්‍රකාශයක් නෙවෙයි. ආදරයේදි මට නිදහස අහිමිවුණ අවස්ථා නැතුවාම නෙවෙයි. නමුත් ඒ ප්‍රකාශය එවැනි දෙයක් නිර්වචනය කරලා ලියපු එකක් නෙවෙයි.

ඔබ ප්‍රාර්ථනා කරන්නෙ මොනවගේ ආදරයක්ද?

මම බලාපොරොත්තු වෙන ඇත්ත පෙම්වතා තාම ඉන්නෙ මගේ හිත ඇතුළෙ.

ඔහුව සැබෑ ජීවිතයේදි තාම මට හමුවෙලා නැහැ. මම ආදරේදි පවුල් පසුබිම, රැකියාව, වත්පොහොසත්කම් බලන්නෙ නැහැ. මාව තේරුම් අරන් මගේ ගමනට සහයෝගය දෙන, දියුණු වෙන්න උත්සාහ කරන, ගතිගුණ හොඳ කෙනෙක්ව තමයි මම ආදරයේදි බලාපොරොත්තු වෙන්නෙ. පිරිමි අතරින් මේ තාක් එවැනි හොඳ මනුස්සයෙක් විදිහට මම දැක්කෙ මගේ තාත්තාව විතරයි. මගේ අම්මා මම පුංචි කාලෙදිම නැතිවුණා. තාත්තා තමයි තනියම මාව හදාවඩලා මේ තත්ත්වෙට ගෙනාවෙ. තාත්තාගෙ තියෙන පරාර්ථකාමී ආදරයට වඩා වෙන කිසිම ආදරයක් වටිනවා කියලා මම හිතන්නෙ නැහැ.

ඒ කියන්නෙ තරින්දි දැන්ම විවාහ වෙන්නෙ නැද්ද?

පෙම්වතෙක් හොයාගෙන විවාහ වෙන්න හදිස්සියක් මට නැහැ. මේ වෙද්දි මම මූලික තැන දීලා තියෙන්නෙ මගේ රංගන වැඩකටයුතුවලට. නමුත් මට ගැළපෙන හොඳ කෙනෙක් හමුවුණොත් ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන්කමකුත් තියනවා. ඉදිරියේදි අපි ඒ ගැන බලමු.

(ලක්ෂාන් ජයසූරිය)