ranil-lawyer-50

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ වෘත්තියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ නීති වෘත්තිකයන් විසින් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (03) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දේශපාලන සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නීතීඥයින් දහසකට අධික පිරිසක් සහභාගී විය.

සැමරුම් උත්සවයට සහභාගි වීමට පැමිණි ජනාධිපතිතුමා නීතිඥවරුන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.



ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන සහ ෆයිසර් මුස්තාෆා උත්සවය ඇමතූ අතර පිළිගැනීමේ කතාව ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා විසින් පවත්වන ලදී.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සංඝන්, එම්.ඒ.සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන හා නීති ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.