siridhamma-thera-hospitalized

ත්‍රස්ත පනත යටතේ සිරගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් 06 වනදා ඇප ලබා නිදහස් වීමෙන් පසු ඊයේ (07) හදිසියේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.


 අධික උණකින් පෙළුණ බවටත් තවත්දුබලතා ඇතිව තිබෙන බවටත් සෞඛ්‍යමය හේතු සඳහන් කර තිබේ.
පොදු දේපොලවලට හානි කිරීම පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් 06 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදල් දෙකක් මත ඇප මත නිදහස් විය. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දෙවැනි නඩුව තවම පවතින නිසා තවදුරටත් රඳවාගෙන සිටියි.