police-as-farmer

මන්නාරම අඩම්පන් පොලීසිය සිය ගොයම් කෙතේ මහ කන්නය සඳහා පැළ සිටුවීම පසුගියදා ආරම්භ කරන ලදී. පොලීසියට අයත් අක්කරයක මුඩු බිමක් මෙසේ සරු කෙතක් බවට පත්කොට ඇත. සිය කෙත පසුගිය කන්න දෙකේම අස්වද්දා සරු අස්වැන්නක් පොලිස් නිවහන තුළට එක්කර ගැනීමට අඩම්පන් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් නිලදරුවන් සමත් වී ඇත.මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් අඩම්පන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා මෙසේ අදහස් දැක්වූයේය.



"පොලීසියට අයත් අක්කරයකට ආසන්න මුඩු බිමක් තිබුණා. පසුව අපි තීරණය කළා පොලිස් අපි එකතුවෙලා මේ මුඩු බිම කුඹුරක් කරමු කියලා. පොලීසියේ ඉන්නවා හොඳ වී ගොවි පුතුන්. ඒ හැමගේ දැනුම, කුසලතාවය අපි මේ සඳහා යෙදෙව්වා. ගමේ ගොවි ප්‍රජාව, පොලීසිය හා සහජීවනයෙන් මේ සඳහා උපරිම සහාය ලබාදුන්නා. නැදුන්කන්ඩල් ගොවි සංවිධානය වැවේ වතුර හරවලා දුන්නා. නොමසුරු සහාය උපදෙස් ලබා දුන්නා. ම

ේ අතර පොලිස් නිලධාරියෙකු අප හා පැවසුවේ පසුගිය කන්න දෙකේ අස්වැන්ත පොලීසියේ පරිභෝජනය සදහා යොදා ගත් බවය. මේ නිසා සහලින් යම් තරමකට ස්වයංපෝෂිත වූ බවත්ය. පොලිස් භෝජනාගාරයේ ආහාර සඳහා වඩා මිල පහත ගිය බවත්, එය මේ ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පොලිස් නිලධාරීන්ගේ පොකට්ටුවටද සහනයක් වූ බවත් ඔහු පැවසීය.

කුමාර් කොට්ටහච්චි