nittambuwa-incident

අවුරුදු 11 ක් වයසැති පිරිමි දරුවකු වායු රයිෆලයකින් තම නිවස තුළ සිදුකර ඇති වෙඩි තැබීමකදී එම වෙඩි උණ්ඩය ඔහුගේ අවුරුදු 2 යි මාස 2 ක් වයසැති සහෝදරියට වැදී බරපතළ තුවාල ලබා ඇය රෝහල්ගත කර ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. පස්යාල දෙමටදෙණිකන්ද මවුපිය යුවළකගේ මාස 26 ක් වයසැති දැරියක මෙම සිද්ධියෙන් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. මෙම දැරිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා ඇති අතර දැරිය මේ වන විට එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.



දැරිය හිටිහැටියේ රෝගාතුර වුවත් සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න නොදැන සිටි දැරියගේ මවුපියන් දැරිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දැරිය වහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය සඳහන් කරයි. වායු රයිෆල් වෙඩි උණ්ඩයේ කොටසක් දැරියගේ උගුර පසාරු කරගෙන සිරුර තුළට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී  තිබේ.

දැරියගේ අවුරුදු 11 ක් වයසැති සහෝදරයා නිවෙසේ බිත්තියට වායු රයිෆලයෙන් වෙඩි තබා ඇති බව ද බිත්තියේ වායු රයිෆල් වෙඩි උණ්ඩය වැදී විසිවී ඒ අසල සිටි දැරියගේ උගුරේ වැදී උගුර පසාකරුගෙන ගොස් එය සිරුර තුළට කඩා වැදී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය කියයි.වායු රයිෆලය බලපත්‍ර සහිත ගිනි අවියක් බව ද මූලික විමර්ශනවලදී තහවුරු වී යැයි පොලිසිය  කියයි.


එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන