
කැලණිය , ගල්බොරැල්ල වරාගොඩ පාරේ පිහිටි ගොඩනැගිල්ලක අද (05) උදෑසන 6.30ට පමණ ගින්නක් ඇතිවිය.
හේමාස් පෞද්ගලික ආයතයේ ගබඩාවක් ලෙස මෙම ගොඩනැගිල්ල භාවිත කරමින් තිබූ අතර එහි උඩුමහළ තුළ ගින්න හටගෙන තිබුණි.
ගින්නෙන් එම මහළ සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. කැලණි ප්‍රාදේශිය සභාවට අයත් ගිනි නිවන රථ 6ක් පැමිණ ගින්න පාලනය කිරීමට උත්සාහ ගත් අතර ප්‍රදේශයේ විදුලිබලය ද විසන්ධි කර තිබුණි.තුවාල ලැබූවන් ගැන තොරතුරු නැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval