
කල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවෙසකට ඇතුළු වී හැත්තෑ තුන් හැවිරිදි කාන්තාවකට පහර දී ඉළ ඇට කඩා ඝාතනය කර ඇය පැළඳ සිටි පවුම් තුනක් බර රන් මාලයක් සහ රන් කරාබු ජෝඩුවක් කඩාගෙන පලා ගිය බව කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලීසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි. මෙසේ ඝාතනය කර ඇත්තේ,
කල්පිටිය බී කඳවුරේ උදානගර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. අමීනා නමැති වයෝවෘද්ධ කාන්තාවකි. මෙම වයෝවෘද්ධ කාන්තාව නිවෙසේ තනිවම සිටියදී කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු නිවෙසට කඩාවැදී ඇයට පහරදී බරපතළ තුවාල සිදු කර රන් මාලය සහ රන් කරාබු ජෝඩුව කඩාගෙන පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බරපතළ තුවාල ලබා සිටි මෙම වයෝවෘද්ධ කාන්තාව පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් තුන් වැනිදා සිදු කළ බව පොලීසිය සඳහන් කරයි. හිසට යමකින් සිදු කරන ලද බරපතළ පහරදීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීම සහ ඉළ ඇට බිඳී යෑම මෙම මරණයට හේතු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. කල්පිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval