
අයිස් මත්ද්‍රව්‍ය ගන්නා දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තුළ ආහාරපානවලට ඇති අභිරුචිය ක්‍රමානුකූලව හීනව යන හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරය දුර්වලවී ප්‍රතිශක්තිය බිඳ වැටීමෙන් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරුවීම අනිවාර්ය පොදු ලක්ෂණය බව ද ඔහු කීවේය.මේ හේතුවෙන් දරුවන්ගේ කායික සහ මානසික ශක්තිය අඩපණ වීමෙන් අධ්‍යාපන කටයුතු මුළුමනින්ම බිඳ වැටෙන බව පැවසූ දීපාල් පෙරේරා මහතා දරුවන්ගේ බාහිර කටයුතු සම්බන්ධයෙන් මවුපියන් විමසිල්ලෙන් සිටීම වැදගත් බව ද සඳහන් කළේය.
අනෙකුත් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැඩි බවත් අයිස් මත්ද්‍රව්‍ය ගන්නන්ගේ ආයුෂ කෙටිවීම අනිවාර්ය බවත් ඔහු පැවසීය.බ
ොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ එමගින් නිදිමත ගතිය අඩු වී මතක ශක්තිය වැඩි වන බවට අසත්‍ය පතුරවමින් යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එය අමූලික බොරුවක් බව ද සඳහන් කළේය. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පුද්ගලයන්ගේ මතක ශක්තිය බිඳ වැටෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval