
හෙද හෙදියන්ට ස්ථාන මාරු ලබාදීම කඩිනමින් සිදු කළ හැකි බව පවසමින් ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පොලිසියට ලබාදී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස
කටයුතු කරන බව පවසමින් එක් පුද්ගලයකු මෙලෙස හෙද හෙදියන්ගෙන් මුදල් ලබාගෙන තිබේ. ‘රොහාන් ගුණවර්ධන’ ලෙස හඳුන්වන මෙම පුද්ගලයා ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා රුපියල් දස දහසේ සිට විසිදහස දක්වා වූ මුදලක් හෙද හෙදියන්ගෙන් ලබාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත. හෙද හෙදියන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මේ දිනවල ක්‍රියාත්මකය.
උදයජීව ඒකනායක
Comments
Post a Comment
Your comment will be visible after approval