dinesh-shaster-murder

ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු කළ ආකාරය ගරන සිදු කරන විමර්ශනවලට අදාළව දුරකථන හතක විමර්ශන වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලීසිය වෙත නියෝග කර තිබුණි.
ඊයේ (20) අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන අංක හතරක විශේලේෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙස බොරැල්ල පොලීසිය කළ ඉල්ලීමකට අනුව එය සිදු විය.
බොරැල්ල පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඝාතනය ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සහ ඔහුගේ ආයතනයේ සේවකයන් දෙදෙනෙකුගෙන් ද මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.


මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර කරුණු වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කරමින් නඩුව කල් දමනු ලැබුණි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෆාශ්ටර් මහතාගේ ඝාතනයට අදාළව 19 දා ඔහුගේ බිරිද ටානි ෆාශ්ටර් මහත්මියගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.ඝාතනයට ලක් වූ සභාපතිවරයා පාවිච්චි කරන ලද ජංගම දුරකථනය සහ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා පාවිච්චි කළ ජංගම දුරකතනය වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයි ද සභාපතිවරයාගේ ජංගම දුරකථනයේ දත්ත විශාල සංඛ්‍යාවක් පවතින බැවින් එම පරීක්ෂණවල යම් ප්‍රමාදයක් සිදු විය හැකි යැයි පොලිස් නිලධාරියා කීය.



අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 30 කට ආසන්න ප්‍රමාණයකින් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට සමීප පුද්ගලයන් කීප දෙනකු සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිසියේ ඒකාබද්ධව පරීක්ෂණ සිදු කරයි.

මේ අතර ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට ගේනවා ඝාතනය කර ඇත්තේ ඔහුගේ සමිපතමයෙකුගේ සැලසුමකට අනුව බවට ඒ සම්බන්ධ විමර්ශන සිදුකරන නිලධාරීන්ට සැකයක් මතුව තිබෙයි.
 ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තට පැමිනෙන්ට පෙර මලලසේකර මාවතේ පිහිටි අවන්හලක සිය වාහනය නතර කර ඇති බවටද විමර්ශනවලදී හෙළිවී ඇත.

ඔහු බොරැල්ල කනත්තට පැමිණෙමින් සිටියදී ඔහු ඔහුගේ මෝටර් රථය සමීපයෙන් එය පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ගැන ද අවධානය යොමුව තිබේ.තොරතුරු සියල්ල හෙළි නොකර සැකකරුවන් අල්ලාගත් පසු හෙළි කරන බවට පොලිසිය ඉගි කර තිබේ.