dinesh-murder-updates

බොරැල්ල සුසාන භූමියේ ප්‍රධාන ගේට්ටු තුනක් විවෘතව පවතින බවත්, ඒවායේ මුරකරුවන් හා පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් ආරක්ෂාවට යොදවා සිටියදී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්

මහතාගේ වාහනය ඉකුත්දා මේ අයුරින් බොරැල්ල සුසාන භූමියට ඇතුළු වීම ප්‍රහේලිකාවක් බවත් මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව විමර්ශනයක් සිදුකරන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය.



සුසාන භූමියට වාහන ඇතුළු වීමට අවසර ඇත්තේ දේහයන් රැගෙන එන අවමංගල්‍ය රථ සහ සානුකම්පිත හේතූන් මත ඇවිදීමට අපහසු පුද්ගලයන්ට දේහ මිහිදන් කරන ස්ථාන වෙත යෑමට පමණක් බවත්, එම වාහනද ඔවුන් අදාළ ස්ථානයෙන් බස්සවා පිටතට පැමිණිය යුතු බවත් හෙතෙම පැවසීය. එම වාහන හැර අන් කිසිදු වාහනයක් සුසාන භූමියට ඇතුළු වීම සපුරා තහනම් කර ඇති බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා කීය. මෙම සිද්ධියෙන් අදාළ පෞද්ගලික ආරක්ෂක සේවාව සපයන ආයතන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවද රුවන් විජයමුණි මහතා පැවසීය.


ඉන්දිකා රාමනායක