
Dialog Axiata සිය 3G දත්ත ජාලය 2023 දී වසා දැමීමට සැලසුම් කර ඇති අතර Spectrum Capacity නිදහස් කර ගැනීමට සහ එහි 4G Broadband ජාලයේ ධාරිතාව වැඩි කිරීමට මෙම තීරණය ලබාගෙන ඇත.මේ සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රකාශයක්ද නිකුත්කර තිබේ.
3G ජාලය දැනට ඩයලොග් හි දත්ත ගමනාගමනයෙන් 1%කට වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කිරීමද මෙම වෙනස සිදු කිරීමට හේතුවක් ලෙස පෙන්වාදී ඇත.
3G ජාල වසා දැමීමේ මුලපිරීමේ කොටසක් ලෙස නව 3G සම්බන්ධතා නිකුත් කිරීම අත්හිටුවීමට සමාගම විසින් 2022 ජූනි මාසයේ තීරණය කර තිබුණි.
ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා වෙත ප්‍රවේශ වීමට දැනට පවතින 4G උපාංගවල 4G දත්ත සේවා සබල කිරීමට මෙන්ම 4G ජාලයට මාරු වන ලෙස ඩයලොග් සිය 3G ජාල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval