
රේගු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය වත්කම් ලෙස ප්‍රකාශයට පත් කර ඇති (රාජසන්තක) වාහන මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු වැටලීම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත බෙදා හැරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ හම්බන්තොට වරායේ තැන්පත් කර ඇති වාහන පරීක්ෂා කිරීමේ නිරත වූ බවයි.
නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට අත්අඩංගුවට ගත් වාහන මේ වනවිට අබලන් වෙමින් පවතින බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම වාහනවලට ඇති නීතිමය බාධා නිරාකරණය කර මහජන සුබසාධනය සඳහා එම වාහන භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.
“මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවල සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. වැටලීම් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇත්තේ වාහන 12,000ක් පමණි. ඒ අතර සමහර වාහන අවුරුදු 20කට වඩා පරණයි.” ඔහු පැවසීය.
දැනට පවතින පොලිස් ස්ථාන 600ක සහ අලුතින් පිහිටුවීමට නියමිත පොලිස් ස්ථාන 111ක මෙහෙයුම් සඳහා දැනට පවතින වාහන ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීමකට අනුව අත්අඩංගුවට ගත් වාහන පොලිස් මෙහෙයුම් සඳහා බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval