
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.මෙලෙස චෝදනා එල්ලවී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිසට පාසල් ,අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප කාර්යාලවල නිලධාරීහු 212 දෙනෙක් ඇතුළත්වෙති. අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පසු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දෙවැනියට වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට එරෙහිවය.
එම නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි ගණන 161 කි.
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තෙවනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට එරෙහිවය.පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීහු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මේ අතර අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 1945ක් මේ වසරේ ඔක්තෝබර් මස 31වැනිදා දක්වා කාලය තුළ ඉදිරිපත්ව තිබූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.ම
ේ කාලසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව විසි හයක් බව අල්ලස් කොමිසම පවසයි.මේ අතර ආර්ථික උද්ධමනකාරී තත්වය හේතුවෙන් අල්ලස් ගැනීම්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.
නිමන්ති රණසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval