
බොරැල්ල ස්කෙල්ටන් පාරේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකි රුපියල් කෝටි 25 පමණ වටිනා දෙස් විදෙස් මුදල්, පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 12ක් සහිත මැගසිනය හොරාගෙන ගිය බව කියන පුද්ගලයා ‘කොමනා' නමින් හැඳින්වෙන අයකු බවට හඳුනාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසෙන් සොරා ගත් දේපොළ ගමන් බෑගයක දමාගෙන එය කරෙ එල්ලා ගෙන පිටව යන ආකාරය ව්‍යාපාරිකයාගේ නිවසේ සවි කර තබූ සීසීටීවී කැමරාවක රූප රාමු පරීක්ෂාකර බැලීමේ දී දක්නට ලැබිණි යැයි ද එම නිලධාරියා කීය.සසැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි අයකු බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවට පොලිසියට ලැබී ඇතැයි කියති.සැකකාර පුද්ගලයා මේ වන විට පදිංචි ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි ද පොලිසිය කියයි.පුද්ගලයා අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය සඳහන් කරයි. කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බම්බලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval