
පෙරේදා උණවටුනේදී දුම්රියක ගැටී ත්‍රීරෝද රථයක ගමන් කළ රියදුරෙකු හා රුසියානු කතක මරු දුටු සිදුවීමෙන් පසු මියගිය ඩයරියා නමැති රුසියානු ජාතික කාන්තාවගේ වයස 4 සිගිති දියණිය තනිවූ බවට මාධ්‍ය වාර්තා පළවිය.
කෙසේ වෙතත් සිය බිරිය අනතුරින් මියගිය ආරංචිය ලද පසු රුසියානු ජාතික සැමියා එරට සිට අද (3) දිවයිනට පැමිණ දරුවා භාරගන්නට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රුසියානු කාන්තාව හා ඇගේ සැමියා ගාල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයක හිමිකාරත්වය දරන අතර ඔවුන් පදිංචිව සිටි උණවටුන ප්‍රදේශයේ ‘විලා’එක යාබද නිවාස කිහිපයක්ම ඔවුන් රුසියානු සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබාදෙමින් මුදල් උපයමින් සිට ඇත. ඊට අමතරව පෙර පාසලක් හා දිවාසුරකුම් මධ්‍යස්ථානයක්ද එක් නිවාස ඒකකයක පවත්වා යමින් තිබී ඇත.
සිද්ධිය දිනයේ තම දරුවා තමන්ට අයත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා නැවත නිවසට යමින් සිටියදී මෙම කාන්තාව අනතුරින් මිය ගියාය.
බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාව සහ එහි රියදුරු උණවටුන ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්වුයේ රියදුරු නොසැලකිලිමත්කමින් දුම්රිය මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීම හේතුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval