airport-bullet-issue

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක තිබූ මිලිමීටර් නවය ප්‍රමාණයේ රිවෝල්වර ජීව උණ්ඩයක් ඊයේ (25දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.ගුවන්තොටුපොළ පිරිසුදු කිරීමේ රාජකාරියේ නිරතව සිටි අයෙකු විසින් විසින් වැසිකිළියේ මුහුණ සෝදන බේසමක් යට ජීව උණ්ඩය වැටී තිඛෙන අයුරු දැක ඒ පිළිබඳ ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබිණි.



අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට ගිය එහි නිලධාරීන් පිරිසක් අදාළ ජීව උණ්ඩය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම උණ්ඩය හදුනා ගැනීම සහ කුමන අවියක් සදහා භාවිත කරනවාද යන්න හඳුනා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයට සහ රස පරීක්ෂක වෙත භාර දීමට නියමිතය. කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ පොලිස් පරීක්ෂක කේ.කේ.ආර්.එස්.කන්නන්ගර, උපපොලිස් පරීක්ෂක මර්වින් ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන වල නිරතවී සිටිති.
 ටී.කේ. ජී.කපිල