
අද දින ඕස්ට්‍රෙලියාවේ බ්‍රිස්බන් නුවර පැවති ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් සුපිරි 12 වටයේ තරගයකින් ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගත්තේය.
අද තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන පිල කඩුළු 8 කට ලකුණු 144 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල එම සංඛ්‍යාව 18.3 පන්දුවේදී පසු කර ගියේය.
ධනංජය ද සිල්වා නොදැවී 66 ක් රැස් කිරීම ජයග්‍රහණයට බෙහෙවින් වැදගත් විය.
අද ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව 1 කාණ්ඩයේ පොයින්ට්ස් ටේබල් හි 3 වැනියා විය.
ඒ අනුව අවසන් පූර්ව වටයට යාමට යම් දුරකට බලාපොරොත්තු ඇතිව තිබේ. ඉදිරියට පැවැත්වෙන එංගලන්ත තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට එම අවස්ථාව බොහෝවිට හිමිවේ.
නවතම පොයින්ට්ස්, අද තරගයේ ඡායාරූප හා ලකුණු සටහන පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval