wimal-weerawansa-haiti

එන්.ජී.ඕ. වලට අවශ්‍ය පරිදි කටයුතු කරන වෘත්තීය සමිති ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කරන්නැයි කියමීන් සුදානම් වන්නේ සිසුන්ගේ පාසල් නිල ඇඳුමද නැති කිරීමට බවත්, ඔවුන්ගේ ඉල්ලීමට අනුව ගුරුවරියන්ගේ පාසල් දරුවන්ගේ නිල ඇඳුම වෙනස් නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශයක් සිදු කරමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

ඊට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ අධ්‍යාපන අමාතයංශය කිසිදු ආකාරයකින් ගුරුවරියන්ගේ ඇඳුම හෝ පාසල් ළමයින්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු නොකරන බවයි



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ - ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ බාහිර පෙනුම රජයේ වෙනත් කාර්යාලයක කටයුතු කරන කෙනෙකුගේ බාහිර පෙනුමටත් වඩා සංවේදීව බලපානවා. හයිටි රාජ්‍යය බිඳවැට්ටවීමේ උපායමාර්ගික සැලැස්මේ එක් පියවරක් තමයි පාසල් නිල ඇඳුම නැති කරපුඑක.

ඒ විදියට තමයි රටක සමාජීය විදියට විනාශයට මගපාදන්නේ . එන්.ජී.ඕ.කාර වෘත්තීය සමිති බත්බැලයෝ ඔවුන්ගේ හාම්පුතාලගෙන් හම්බ වෙන න්‍යාය පත්‍රයට. අනුවයි මේ රටේ මුල්වලට ගහන්නේ. ඒ නිසා එක එක එන්.ජී.ඕ.කාර බත් බැලයෝ එක එක කාලයට එක එක යෝජනා ගේනවා. ඒවා මේ මුළුමහත් ගුරුවරුන්ගේ යෝජනා නෙවෙයි. පාසල් දරුවන්ගේ නිල ඇඳුම එක පාරම ගලවන්න කියලා කියන්න බෑ.


එහෙම කිව්වොත් කන්න වෙනවා කියලා දන්නවා. ඒ නිසා තමයි ආර්ථික අර්බුද, ගුරුවරියන්ට එකම සාරී ඇඳන් එන්න බෑ කියලා මේ කියන්නේ. අනේ ගුරුවරියට හරීම ඇඳුම් ප්‍රශ්නයක් තිබෙන්නේ කියලා ව්‍යාජ අනුකම්පාවක් ඉස්සරහට දාලා මේ කරන්න යන වැඩේට කිසි ලෙසකින්වත් ඉඩදිය යුතු නෑ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ලේකම්තුමාට එවන ලද ලිපියක් සම්බන්ධයෙන් යම් කතිකාවතක් සමාජය තුළ ඇති වුණා. අපේ රටට ඔබින සංස්කෘතියත් සමග තමයි ගුරුවරියන්ගේ ඇඳුම නිර්මාණය වෙලා තිබෙන්නේ.


ගුරුවරින් අපි දන්න කාලයේ ඉඳන් ඇදේ සාරි හෝ ඔසරිය. මුස්ලිම් කාන්තාවන් පවා සාරිය ඇඳලා ඔවුන්ගේ ෆර්දාව දානවා. රටේ සංස්කෘතිය කුමන ජන වර්ගයකට අයිති වුණත් මේ රඳා පවතින්නේ මේ පාසල් පද්ධතියත් සමග යන එක තුළ ඒ නිසා ඒක වෙනස්  කරන්න පුළුවන් කමක් නෑ, ඒක වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. ඒක වෙනස් කරන්න දෙන්නෙත් නෑ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ආකාරයකින් ගුරුවරියන්ගේ ඇඳුම හෝ දරුවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නෑ.

(දිනේෂ් සමරකෝන්)