dhanushka-law-fees-sri-lanka-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර ඊස්පීඑන් ක්‍රික් ඉන්ෆො නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතා ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමක් කර තිබේ. එහිදී ඔහු පවසන්නේ
 ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජන චෝදනාව එල්ල වන්නේ ඔහු T20 ලෝක කුසලානයේ ජාතික රාජකාරියේ යෙදී සිටි නිසා බැවින් ඔස්ට්‍රේලියාවේදී ඔහුගේ නීතිමය ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන වියදම් සියල්ල ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි.මෙම චෝදනා ඔහුගේ කැමැත්තෙන් තොරව සිදුවීමත් සක්‍රීය සංචාරයක් අතරතුර
සියල්ල සිදුවීමත් නිසා එසේ කරන බව දන්වා ඇත.


"මෙය පුද්ගලික සංචාරයක් නොවේ. ඔහු කණ්ඩායම සමඟ සිටියේ නිල බලයෙන්, එබැවින් නඩුවේ ප්‍රතිඵල කුමක් වුවත්, පසුව අපට ඒවා ඔහුගෙන් අයකර ගත හැකි බවට කොන්දේසිය මත, නීති ගාස්තු ගෙවිය යුතු යැයි අප තීරණය කලා. ඔහුගේ දෙමාපියන්ට නීතිමය වියදම් පියවා ගැනීමට නොහැකි බව අප දන්නවා,"ඇෂ්ලි  ද සිල්වා වැඩිදුරටත් පැවසීය.
2016 වසරේ මුල් මාස හය තුළ කුසල් පෙරේරාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් සහයෝගය දැන් ගුණතිලකට දක්වන සහයෝගයට සමානයි. "අපි ඒ නඩුවේ වියදම අයකරගත්තා වගේ කුසල් පෙරේරා නිදහස් වුණාට පස්සේ මෙතනත් කරනවා." ඔහු කීය.

නිල රාජකාරිය අතරතුර කාන්තාවක සමග පිටට යාමෙන්  ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රොටෝකෝලය කඩ කළේද යන්න විමසූ විට මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ESPNcricinfo වෙත පැවසුවේ එය තහනම් බව තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.
චෝදනා එල්ල වූ සිද්ධියෙන් දින හයකට පසුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, චෝදනා එල්ල වන නොවැම්බර් 2 වැනි බදාදා රාත්‍රියේ ධනුෂ්ක නීති කඩ කලේද යන්න පැහැදිලි නොමැති බවයි.


මෙවැනි බරපතළ චෝදනාවලට ලක්ව සිටින ක්‍රීඩකයකුට සහය දීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට කැළලක් සිදුවේද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ද සිල්වා මහතා පැවසුවේ “එවැනි තත්ත්වයකට වැටුණු කෙනෙකුට” පාලක මණ්ඩලය තම සහයෝගය ලබාදිය යුතු බවයි.

ගුණතිලකගේ නීති වියදම් දැරීමට දේශපාලඥයන් පාලක මණ්ඩලයට උපදෙස් දුන් බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු කළ චෝදනාවක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළේය. මණ්ඩලය විසින් අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක් හරහා මෙය සිදු කර ඇති අතර, එහි සඳහන් වන්නේ “ධනුෂ්ක ගුණතිලක මහතාට ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ දීම සඳහා ගත යුතු අනිවාර්ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිඳු ආකාරයකින් ‘තුන්වන පාර්ශ්වයක’ බලපෑමකට ලක්වී නොමැති බවයි.
පසුව එම නිකුතුවේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ ගුණතිලකගේ නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේදී තමන් “ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොන්සියුලර් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති” බවයි.

නොවැම්බර් මස උදෑසන සිඩ්නි පොලිසිය විසින් ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබූ අතර, අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් යටතේ ඔහුට චෝදනා එල්ල වූ අතර පසුව ඇප ප්‍රතික්ෂේප විය. ද සිල්වාට අනුව, අත්අඩංගුවට ගැනීමේදී ගුණතිලක කණ්ඩායම් කළමණාකරු සමඟ කතා කළ මිනිත්තු පහක කාලය හැරුණු විට, ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය ක්‍රීඩකයා සමඟ සෘජු සම්බන්ධතා පවත්වා නැත.