twenty20-victory-england-papers

ඊයේ (13) නිමාව දුටු ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළේ එංගලන්තයයි. මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අද (14) දින පළවූ එරට පුවත්පත් විවිධ ලෙස වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මෙය මුල් පිටුවේ ප්‍රධාන පුවතක් බවට පත්කරගෙන තිබෙන්නේ ‘ද ගාර්ඩියන්‘ පුවත්පත පමණි. අනෙකුත් ප්‍රධාන පුවත්පත් සිය ක්‍රීඩා පිටුවේ මෙම ජයග්‍රහණය ගැන සඳහන් කර තිබූ අතර බ්‍රිතාන්‍යයේ පළවන ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්‘ හා ‘ද ටේලි ටෙලිග්‍රාෆ්‘ මේ ගැන කිසිදු වාර්තාවක් හෝ දක්වා නොතිබීම විශේෂිතය. ඒ වෙනුවට ලෝක කුසලාන පාපන්දු තරග උණුසුම සම්බන්ධ පුවත් බොහෝ පුවත්පත්වලට වැදගත්වී තිබේ.
පහත පළවන්නේ සිය ක්‍රිකට් ජයග්‍රහණය ගැන එංගලන්ත පුවත්පත් අද පළ කර තිබෙන විස්තරයන්ය.