thilini-priyamali-copreus

දැනට සිරගතව සිටින ආන්දෝලනාත්මක ව්‍යාපාරික කාන්තාව තිළිණි ප්‍රියමාලි සමග Copreus නමැති සමාගමක් සම්බන්ධ කරමින් වීඩියෝවක් පළ කළ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබේ.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන Copreus Private Ltd සමාගම, තිලිනි හා සම්බන්ධ බවට අනුමාන කිරීම් සහ ඇඟවුම් කරමින් YouTube නාලිකාවක ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ නීතීඥ සමාගමක් හරහාය.

නඩුව කැඳවීමෙන් අනතුරුව එම නාලිකාවට තිලිණි හා කොර්ප්ස් සම්බන්ධයෙන් කිසිදු වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය නොවැම්බර් 14 දක්වා බලපැවැත්වේ.

ප්‍රමුඛ පෙළේ ගෝලීය සමූහ ව්‍යාපාරයක අනුබද්ධ සමාගමක් වන Copreus Ltd. මෙම නඩුව පවරා තිබුණේ මෙම YouTube නාලිකාවේ හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් දෙදෙනා විත්තිකරුවන් ලෙස නම් කරමිනි.
කොප්‍රියස් පුද්ගලික සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් මහතාගේ උපදෙස් මත නීතිඥ මනෝජ් බණ්ඩාර සහ නීතීඥ ජිනංජි සේනානායක යන අය පෙනී සිටියහ.