
මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන යටිනුවර කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ උපස්ථායක සේවකයකු හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එල්ල කළ අධි සාන්ද්‍රණ විෂබීජ නාශක ද්‍රාවණ ප්‍රහාරයකින් දෙදෙනාම බරපතළ තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් කොරිඩෝවේදී ඊයේ (31දා) දහවල් 11.45 ට පමණ මෙම දෙදෙනා අතර බහින්බස් වීම හටගෙන තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත. රෝහල් උපස්ථායක සේවකයා 54 වැනි වියේ පසුවන බවත් කනිෂ්ඨ සේවිකාව 48 වැනි වියේ පසුවන බවත් සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන පොත්තපිටිය පොලිසිය පවසයි.
රෝහල් බිම හා වැසිකිළි පිරිසුදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන විෂබීජ නාශක ද්‍රාවණයක් මෙම ප්‍රහාරයට යොදාගෙන තිබේ. දෙදෙනා විසින් දෙදෙනාට ලයිසෝල් ප්‍රහාරය එල්ල කරගෙන ඇත. සිද්ධිය ඇසින් දුටුවකු නොමැති නිසා දෙදෙනා විසින් ලබාදෙන ප්‍රකාශ පදනම්කර ගනිමින් පරීක්ෂණ කරන බව පොලිසිය පවසයි.
දෙදෙනාගේම ශරීර 75 % ක පමණ ප්‍රමාණයක් පිලිස්සී තිබෙන බව වෛද්‍යවරු පවසති. බරපතළ පිලිස්සුම් තුවාල ලත් සේවකයන් දෙදෙනාට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව කොටලිගොඩ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නාලිනී හේරත් සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval