
සූරියවැව - මහවැලිකඩආර වැවේ අට දෙනෙකු රැගත් ඔරුවක් අද පෙරවරුවේ වැව මැදදී පෙරළී අනතුරක් සිදු විය.මෙම අනතුරින් දියේ ගිලුණු 05 දෙනෙක් ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගත් අතර වයස අවුරුදු 10,16 හා 18 වයස්වල පසුවන ගැහැණු දරුවන් 03 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි දහවල් වාර්තා විය.
එම දරුවන් තිදෙනාව සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මෙහෙයුමක් දියත්කර තිබූ අතර
10 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සවස ගොඩ ගෙන තිබුණි.
බේරාගෙන රෝහල් ගත කෙරුණු මාස 8 ක බිළිඳා ඇතුළු පස් දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පවසා ඇත.
මෙසේ අනතුරට ලක්ව සිටින අය කුරුණෑගල පිහිඹුව පදිංචිකරුවන් පිරිසකි. සූරියවැව ඥාති නිවසක පැවති දානමය පිංකමකට සහභාගිවීමට පැමිණ මෙම අනතුරට ලක්ව ඇත්තේ මාළු ඇල්ලීමට යොදා ගන්නා කුඩා ඔරුවක නැගී ඔරු පැදීමට ගොසිනි. මෙම ඔරුවේ ගමන් කිරීමට හැකියාව ඇත්තේ දෙදෙනෙකුට පමණක් බව දැන දැන අනතුරුදායක ලෙස ගමන් කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval