
‘ගහෙන් වැටුණ මිනිහට ගොං රංචුවක් අනිනව වගේ අයවැයක් වෙනවා මේක. මේක බදු දඩ හා ගාස්තු සියල්ල විතරක් වැඩි කරන අයවැයක්. රාජ්‍ය සේවකයින් ලක්ෂ 6 ක් අයින් කරන්න අදාළ යෝජනා මේකෙ එනවා. රටේ ජාතික සම්පත් විකුණන යෝජනා ටික එනවා. ඊපීඑෆ් එකෙ තියන සල්ලි කොටසක් කපා ගන්නව.
මේකට විරුද්ධ විය යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟතාවලට ආව නං ඒක කියන්න ඕන. හැබැයි කියන් නැත්තෙ ඇයි. ඒවා කිව්වොත් රටේ මිනිස්සු ගල්ගහාවි පාර්ලිමේන්තුවට ඇවිල්ල.‘