
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50ක පමණ පිරිසක් පාසල් නොඑන බව හඳුනාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළාය.
කුසට ආහාරයක් නොමැතිවීම, දෙමාපියන් රැකියාව සඳහා යාම, ප්‍රවාහන ගාස්තු සොයා ගැනීමට නොහැකිවීම සහ පාසල් උපකරණවල මිල ඉහළ යාම වැනි කාරණා ඊට හේතුවී ඇත.
මේ තත්ත්වය අනෙකුත් පාසල්වලටද උදාවිය හැකි බවත් මෙය රටක අනාගතයට අහිතකර ලෙස බලපෑම් ඇතිකරන තත්ත්වයක් බවත් ඇය පැවසුවාය. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයිනේ සියලුම පාසල් සම්බන්ධයෙන් ද අදාළ පරික්ෂා කිරීම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකරමින් පවතින බවද විශේෂඥවරිය සඳහන් කළාය.
(ශ්‍රියානි විජේසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval