
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට නැගෙනහිර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක නිරතවෙමින් සිටියදී එල්ල කළ ප්‍රහාරයකින් වෙඩි වැදී ඇති නමුත් ඉලක්කය වැරදී ගිය හෙයින් ඔහුගේ පාදයකට සුළු තුවාල සිදුව තිබේ. වෙඩි ප්‍රහාරය නිසා ඔහු අසළ සිටි ආධාර කරුවෙකු මරණයට පත්ව ඇත.ඛාන්ගේ PTI පක්ෂයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇත.
ඛාන්ට වෙඩි තැබූ ස්ථානයේ දී අත්අඩංගුවට ගත් තුවක්කුකරුවෙකුගේ වීඩියෝවක් පාකිස්තාන පොලිසිය විසින් නිකුත් කර තිබේ.
ෆයිසාල් බට් ලෙස හඳුනාගෙන ඇති සැකකරු පාපොච්චාරණයක් කළ අතර ඔහු තනිවම ක්‍රියා කළ බවත්
“මගේ ඉලක්කය ඉම්රාන් ඛාන් පමණයි,” යනුවෙනුත් සැකකරු පැවසීය.
දිස්ත්‍රික් පොලිස් නිලධාරි ගසන්ෆර් අලි පැවසුවේ ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා ඇත්තේ ඛාන්ට එරෙහි ප්‍රහාරය “තදින් හෙළා දකින” බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගෙන් සිද්ධිය පිළිබඳ වහාම වාර්තාවක් ඉල්ලා සිටින බවත්ය.
ඉම්රාන් ඛාන් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
අද දින ඔහු විරෝධතා පාගමනක නිරතවූයේ කඩිනමින් මැතිවරණයක් ඉල්ලා සිටීමටය.
Comments
Post a Comment
Your comment will be visible after approval