
උතුරු පළාත තුළ අක්කර 1,000කින් සමන්විත සෆාරී අභය භූමියක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඊට සුදුසු ඉඩම් පිළිබඳ සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී ඇත.
උතුරු පළාතෙහි පාසල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට සහ විනෝදාස්වාදය. උදෙසා සෆාර් අභය භූමියක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. මීට අමතරව මේ වනවිට ජාතික සත්වෝද්‍යාන තුළ බහුලව සිටින ඇතැම් සත්ත්ව විශේෂ සහ නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව සිටින, ජනතාවගේ ගෙවතුවලට හානිකරන සත්ව විශේෂද මෙම අභය භූමියට යොමු කිරීමට අවධානය යොමුව ඇති බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විෂය පිළිබඳ නිලධාරින් පෙන්වා දී ඇත්තේ අවශ්‍ය නම් අභය භූමිය සඳහා හඳුනාගනු ලැබෙන ඉඩම්වල පළමුව වන වගාව සිදුකර ඉන් අනතුරුව වන සතුන් යෙදීමට පියවර ගත හැකි බවයි.
(නිදර්ශනී වික්‍රමසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval