
හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට සති දෙකක කාලයක් දුන්නේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ, නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය. මෙම සිද්ධිය පිළිබඳ පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සෝහිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.මෙම රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී, නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ, රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා කල් අවශ්‍ය බවය. එයට අධිකරණයෙන් අවසර ලබා දුන්නේය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරිම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම රීට් පෙත්සම ගොනු කළේය.
රන්ජන් කටුගම්පොළ
Comments
Post a Comment
Your comment will be visible after approval