
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි ඉකුත් සිකුරාදා (11) නිදහස් කෙරුණු රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධ වැරැදිකරුවන් හයදෙනාගෙන් ශ්‍රී ලාංකිකයන් හතරදෙනා ශ්‍රී ලංකාවට නැවත එවීමට කටයුතු කරන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. එම ශ්‍රී ලාංකිකයන් හතරදෙනා නිදහස් වීමෙන් පසුව ට්‍රිචි හි සරණාගත කඳවුරකට රැගෙන ගිය බව ට්‍රිචි හි දිසාපති ප්‍රවීන් කුමාර් මහතා ප්‍රකාශ කර ඇතැයිද එම පුවත්පත වාර්තා කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ බව දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසා ඇති බවත්, ප්‍රවීන් කුමාර් මහතා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
මෙම පුද්ගලයන් හතරදෙනා පිළිබඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටින බව කුමාර් මහතා ප්‍රකාශ කර ඇත. බී.ආර්. ගවායි සහ බී.වී. නාගරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පුද්ගලයෝ 6 දෙනා ඉකුත්වූ නිදහස් කරනු ලැබූහ. එම පුද්ගලයන් අතර සිටින ශ්‍රී ලාංකිකයන් හතරදෙනාගෙන් ශාන්තන් පමණක් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බවත් මුරුගන් තම දියණිය හරිත්‍රා සමග ලන්ඩනයේත් පයාස් නෙදර්ලන්තයේ ඔවුන්ගේ පවුල සමගත්, ජයකුමාර් චෙන්නායි නගරයේ තම දියණිය සහ දරුවන් සමගත් වාසය කිරීමට අවශ්‍ය බවත් පවසා ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.
විමුක්ති එස්. රුද්‍රිගු

Comments
Post a Comment
Your comment will be visible after approval